ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දසදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔවුන් අද ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කර තිබෙන්නේ.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අදාළ නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළිත් කැඳවනු ලැබුවා.











