තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී ඇති පුහුණු ආයතන 3916න් 844ක් මේ වන විට වසා දමා තිබෙනවා.
ලියාපදිංචි පුහුණු ආයතන අතරින් දැනට සක්‍රීයව පවතින්නේ ආයතන 1722ක් පමණක් වන අතර ලියාපදිංචි කාලය අවසන් වී ඇති ආයතන සංඛ්‍යාව 1304ක් වෙයි. මෙලෙස ලියාපදිංචි කාලය අවසන් වූ ආයතන අතරින් ආයතන 601ක් පසුගිය වසරේ දී නැවත ලියාපදිංචිය අලුත් කර ගෙන තිබෙනවා.
පසුගිය වසරේ දී පාඨමාලා පනහක් අලුතින් සංවර්ධනය කිරීමටත් පවතින පාඨාමාල තිහක් යාවත්කාලීන කිරීමටත් කොමිෂන් සභාව සැලසුම් කර තිබූ නමුත් සංවර්ධනය කර ඇත්තේ පාඨාමාලා 26ක් වන අතර යාවත්කාලීන කර ඇත්තේ පාඨමාලා 22ක්.
නිපුණතා සම්මත පාඨමාලා සියයක් යාවත්කාලීන නොකර ඉතිරිව පැවති බවත් ඒ පිළිබඳව කොමිෂන් සභාව අවධානය යොමු කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති ජාතික විගණන කාර්යාලය පවසනවා