ඊයේ රිදීමාලියද්ද පොලිස් වසමේ ඌරාකොටුව ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව පුරා වස්තු කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රිදීමාලියද්ද පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
ඔවුන් සතුව තිබී කැණීම් උපකරණ කිහිපයකද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27ත් 67ත් අතර වයස්වල පසුවන රිදීමාලියද්ද, මහියංගණය, අරාවත්ත, රිටිගහ හා දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.










