වැලිඔය, මොණරවැව ප්රදේශයේදී සිදු කළ වැටලීමකදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිඔය පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23ත් 56ත් අතර පසුවන වැලිඔය, පදවිය, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, පන්නල හා මීරිගම යන ප්රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද කැබිතිගොල්ලෑව මහේස්ත්රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.