සෑම ප්‍රජාවකගේම ජීවන තත්ත්වය නගා සිටුවීම හා සංවර්ධනය රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
2025 එක්සත් ජාතින්ගේ දින සැමරුම් උත්සවයට සහභාගිවෙමිනුයි අගමැතිතුමිය මෙම අදහස් පළ කළේ.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ 80 වන සංවත්සරය සහ ශ්‍රි ලංකාව හා එක්සත් ජාතින්ගේ සංවිධානය අතර හවුල්කාරිත්වයේ 70 වන වසර සනිටුවහන් කිරීම සදහා එය සංවිධානය කර තිබුණා.
එහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය , මානව හිමිකම් ආරක්ෂා කිරීම හා තිරසර සංවර්ධනය යන පොදු මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා රජය කැපවී කටයුතු කරන බවයි.
බහු පාර්ශවික කටයුතු සඳහා මෙන්ම වගකීම් සහගත ගෝලීය සහයෝගිතාවයෙන් සදහා ශ්‍රි ලංකාව පියවර ගෙන ඇති බවද ඇය වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














