සෑම ප්‍රජාවකගේම ජීවන තත්ත්වය නගා සිටුවීම හා සංවර්ධනය රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
2025 එක්සත් ජාතින්ගේ දින සැමරුම් උත්සවයට සහභාගිවෙමිනුයි අගමැතිතුමිය මෙම අදහස් පළ කළේ.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ 80 වන සංවත්සරය සහ ශ්‍රි ලංකාව හා එක්සත් ජාතින්ගේ සංවිධානය අතර හවුල්කාරිත්වයේ 70 වන වසර සනිටුවහන් කිරීම සදහා එය සංවිධානය කර තිබුණා.
එහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය , මානව හිමිකම් ආරක්ෂා කිරීම හා තිරසර සංවර්ධනය යන පොදු මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා රජය කැපවී කටයුතු කරන බවයි.
බහු පාර්ශවික කටයුතු සඳහා මෙන්ම වගකීම් සහගත ගෝලීය සහයෝගිතාවයෙන් සදහා ශ්‍රි ලංකාව පියවර ගෙන ඇති බවද ඇය වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
- වසරේ මුල් දින 19ට රිය අනතුරු මරණ 120ක්
- රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් හදුන්වා දීමට සැලසුමක්
- ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ක්‍රමයක්
- අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්













