කොස්ලන්ද පූනාගල කදු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ රාත්‍රි කාලයේ විශාල ගින්නක් පැතිර ගොස් තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ ගින්නෙන් රක්ෂිතයේ අක්කර පහකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර අද උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය වී තිබූ බව අප වාර්තාකරු සදහන් කළා.