මෙරට බලශක්ති සම්ප්‍රේෂණය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති වර්ධනයට සහාය වීම සදහා ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන 52ක් ණය ආධාරයක් ලබා දී තිබෙනවා.
මෙම බැංකුව මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපෘති 5කට මේ වන විට සහාය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ ශ්‍රී ලංකා රජය කෙරවලපිටිය වරාය එල් දෙවන සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සදහා ණය ගිවිසුමක් අත්සන් කළා.
මේ යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 52ක් හිමිවනු ඇති.
මෙම ව්‍යාපෘතිය යටතේ කෙරවලපිටිය සිට කොළඹ වරාය එල් ග්‍රිඩ් උපපොළ දක්වා සම්බන්ධ කරන කිලෝ වෝට් 220 තනි පරිපථ භූගත කේබල් පද්ධතියක් සැලසුම් කිරීම ,සැපයීම, ඉදිකිරීම ,පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
මහ කොළඹ ඇතුලු නාගරික ප්‍රජාවට ස්ථාවර හා අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම , ජාලක ස්ථායිතාව පවත්වා ගැනීම ආදි වැදගත් කාර්යභාරයන් රැසක් මෙමගින් ඉටුකරනු ඇති.
උණුසුම් පුවත්
- දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි













