මුලතිව් පුදුකුඩිඉරිප්පුවේ මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක් අසලින් හමු වූ පැරණි කොටි බංකරයක කැණීම් කටයුතු ඊයේ(10) ආරම්භ කර තිබෙනවා.
එම බංකරය හමු වී ඇත්තේ ඊට පෙර දින සවස් කාලයේදීයි.
පොලිසිය සැකකරනු ලබන්නේ හිටපු කොටි නායකයා විසින් එම බංකරය භාවිත කරන ලද්දක් බවයි.
අක්කර දෙක හමාරක පමණ වපසරියක් තුළ එම බංකරය පිහිටා ඇති බවට නිරීක්‍ෂණය වී ඇති අතර මතුපිටින් සිදු කළ පරීක්‍ෂණවලදී සැක පහළ වී ඇත්තේ එම බංකරය තුළ කොටි සාමාජිකයන් විසින් යුද සමයේදී භාවිත කරන ලද අවි ආයුධ ඇති බවයි.
ඒ අනුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත එම ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කොට තිබෙනවා.
මුලතිව් දිසා විනිසුරුවරයාගේ අධීක්‍ෂණය යටතේ පොලිසිය යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම කොටි බංකරයේ කැනීම් කටයුතු ආරම්භ කොට තිබෙනවා.
උපුටා ගැනීම : දිවයින පුවත්පත