මහඔය සහ ඊච්චන්කුලම යන ප්‍රදේශයන්හිදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(04) රාත්‍රී මහඔය, බොරපොල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇති බවට මහඔය පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව සිදු කළ විමර්ශනයේදී වයස අවුරුදු 31ක් පමණ වූ මහඔය, සමගිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙයකුගේ මෘතදේහයක් සොයාගෙන තිබෙනවා.
මෙම ඝාතනය සිදු කළ සැකකරුගේ බිරිඳ සමග මරණකරු අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර මරණකරු සැකකරුගේ බිරිඳ සමග නිවසේ සිටියදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇතිබවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 31ක් පමණ වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ඊච්චන්කුලම , කල්මඩු ප්‍රදේශයේ නිවසක් තුළ හිසෙහි තුවාල සහිතව කාන්තාවක් මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබෙනවා.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 25ක් පමණ වූ පුම්පුකාර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
මෙම මරණකාරිය නිවසේ කාමරයක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
නිවසේ සිටි ස්වාමි පුරුෂයා ඔහුගේ දියණිය සමග නිවසින් පිටව ගොස් එරාවුර් පොලිස් ස්ථානය වෙත භාරවී ඇති අතර වයස අවුරුදු 33ක් පමණ වන ස්වාමි පුරුෂයා විසින් පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.











