මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් 9 දෙනෙක් මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගිය මාර්තු 31 වන දින රාත්‍රී මට්ටක්කුලිය, ගැමුණුපුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මට්ටක්කුලිය fාපලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලට අදාළවයි.
ඒ අනුව ඊයේ(02) මට්ටක්කුලිය, ගැමුණුපුර ප්‍රදේශයේදී මට්ටක්කුලිය පොලිසිය විසින් අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් අවුරුදු 19ත් 40ත් අතර වයසේ පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කියා සිටියා.
සැකකරුවන් අද(03) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














