මනුෂ්‍ය ගාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පසුගිය 16 වන දින රාත්‍රී කාලයේදී මතුගම, වෝගන්වත්ත ඉහළ කොටස ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී වයස අවුරුදු 41ක් පමණ වූ වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිස් ස්ථානය විසින් සිදු කරන ලද විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අනුව මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(18) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 44ක් සහ 48ක් වූ වැලිපැන්න හා මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













