හැටන් සිට පුත්තලම දක්වා ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදුව ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.
ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේදී ඊයේ(24) රාත්‍රී 7.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
පුත්තලමේ සිට හැටන් දක්වා සිමෙන්ති ප්‍රවාහනය කර ආපසු ලොරි රථය පුත්තලම දක්වා ධාවනය කරවන අවස්ථාවේදී පැවැති අයහපත් කාලගුණය සහ මීදුම් තත්ත්වය හමුවේ සහ ලොරි රථයේ දකුණු පස රෝදයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රියදුරාට සහ රිය සහයකයාට කිසිදු අනතුරක් සිදුව නොමැති වුවත් ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පවසන්නේ.













