මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ නම් ලැබුණු වහාම මැයි 31 වනදා එම නම් සඳහන් ගැසට් පත්‍රය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වන දා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින්, පළාත් පාලන ආයතනවල ධූර කාලය 2025 ජූනි 2 වනදා ආරම්භ විය යුතු බවට නියම කර තිබෙනවා.
එම නියමය අනුව, පළාත් පාලන ආයතනවල ධූර කාලය ආරම්භ කිරීමට පෙර තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් ගැසට් මගින් පළ කළ යුතුව තිබෙනවා.
තේරීපත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් මැයි වනදා ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.
ඒ පළාත් පාලන මැතිවරණය පවත්වා දින 21ක් ගත වුවද මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීමට අපොහොසත් වීම හේතුවෙන් බවද සඳහන් .
සභිකයින්ගේ නම් ගැසට් කිරීමෙන් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අදාළ පළාත් පාලන ආයතනයේ 50% වැඩි ඡන්ද ප්‍රතිතශයක් ලබා ගත් පක්ෂය විසින් නම් කර එවනු ලැබූ පළාත් පාලන ආයතනයේ සභාපති සහ උප සභාපතිවරයාගේ නම් ද ගැසට් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කලා.
ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියට පෙර සියලු සභිකයින්ගේ නම් අදාළ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් අදාළ පළාත් පාලන ආයතනයේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීයා යැවිය යුතු වනවා.