පළාත් පාලන ආයතන 161ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසන් සභාව විසින් අද නිකුත් කිරීමට නියමිතයි.
මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ ගැටලු පවතින සෙසු පළාත් පාලන ආයතන 178 සඳහා කඩිනමින් සභිකයන් නම් කර එවන ලෙස පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී ඇති බවයි.
එළැඹෙන ජූනි දෙවැනිදා පළාත් පාලන ආයතන වල මීළඟ ධුර කාලය ආරම්භ වීමට නියමිතව තිබෙනවා
ගැටලු පවතින සෙසු පළාත් පාලන ආයතන 178 සඳහා කඩිනමින් සභිකයන් නම් කර එවන ලෙස පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දෙන බවයි කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ.