පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය සංචාරකයන් පිරිසකට අද(05) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ බියගම මල්වාන ප්‍රදේශයේ සිටි මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට පැමිණි සංචාරකයන් පිරිසකටයි.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංචාරකයන් 9 දෙනෙක් ලුණුගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මල්වානේ සිට පැමිණි තරුණයන් 10 දෙනෙක් මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ඊයේ(04) පැමිණි රාත්‍රී පුංචි ලෝකාන්තය ආසන්නයේ කුඩාරම් ගසා රාත්‍රීය ගත කර අද(05) උදෑසන පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් සිටියදී මෙලෙස බඹර ප්‍රහාරට ලක්ව තිබෙනවා.
පොලිසිය පවසන්නේ එක්වරම ආසන්නයේ බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මොවුන්ට විදීමට පටන්ගෙන ඇති බවයි.
බඹර ප්‍රහාරය එල්ලවීමත් සමග ඊට ගොදුරු වූවන් ඒ මේ අත දිවගොස් ඇති බවත් ඔවුන්ට බඹරුන් එළව එළවා ප්‍රහාර එල්ල කර ඇති බවත් පොලිසිය පවසනවා.
පසුව ඒ අවට පිරිස් සහ මඩොල්සිම පොලිස් නිලධාරීන් එක්ව දුම්ගසා බඹරුන් පළවා හැර තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.