හයිලෙවල් මාර්ගයේ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අනතුරුදායක ලෙස යතුරුපැදි තරග පැවැත්වූ තරුණයින් 18 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
ඉන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි නියෝග කෙරුණේ.
හයිලෙවල් මාර්ගයේ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ යතුරුපැදි ධාවනය කළ මෙම පිරිස පොලීසිය අත්අඩංගුවට ගත්තා.
යතුරුපැදි 11 ක් සහ ත්‍රි රෝද රථයක් ද එහිදී පොලිස් භාරයට ගැණුනා.
අදාළ තරුණයින් වට්ස්ඇප් සමූහයක් හරහා මෙය සංවිධාන කර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.
අධිබලැති යතුරුපැදි කිහිපයක් ද මේ සඳහා යොදාගෙන තිබූ අතර ඒවා මාර්ගවල ධාවනය සඳහා බලපත්‍ර නොමැති බවයි පොලීසිය පවසන්නේ.
අධික ශබ්ද නංවමින් අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගැණුනේ.
මෙම පිරිස මහරගම, හෝමාගම, කොට්ටාව සහ මත්තේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.











