Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පීඩන අවපාතය අද බටහිර දෙසට – අයහපත් කාලගුණයෙන් උඩරට දුමරිය මගෙත් දුම්රිය ගමන් නවතියි

    පීඩන අවපාතය අද බටහිර දෙසට – අයහපත් කාලගුණයෙන් උඩරට දුමරිය මගෙත් දුම්රිය ගමන් නවතියි

    2022-12-26කියවීමට මිනිත්තු 3ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින පීඩන අවපාතය අද ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල් වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් ඇති අතර, එහි බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය අදත් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

    කෙසේ වෙතත් මෙහි බලපෑමෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

    එමෙන්ම සෙසු ප්‍රදේශවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

    මේ අතර එරාවුර්, රහ්මානියා ප්‍රදේශයේ ගොවි පොළකට ඊයේ අලුයම අකුණු සැර වැදි තිබෙනවා.

    ඒ හේතුවෙන් ගොවි පොළේ සිටි එළුවන්, කුකුළන් සහ තාරාවන් ඇතුළු සතුන් රැසක් පිළිස්සී මිය ගොස් ඇති බවයි වී.එෆ්.එම් වාර්තාකරු කියා සිටියේ. මේ අනුව ගොවි පොළේ සිටි සතුන් 27 දෙනෙකු පමණ එලෙස මිය ගොස් තිබෙනවා.

    මේ අතර අධික වැසි තත්ත්වය අතරතුර මහනුවර, දුනුවිල ගණපතිවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී, විශාල ගලක් පෙරළීමෙන් ළමුන් දෙදෙනෙකු මිය ගියා.

    එලෙස දිවි අහිමි වූයේ 18 හැවිරිදි අයේෂා නිශානි විතාරණ සහ 16 හැවිරිදි සිතුම් සාරංග විතාරණ නම් එකම පවුලේ දරුවන් දෙදෙනෙකුට බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

    අනතුර සිදුවූ අවස්ථාවේ මව, පියා සහ දරුවන් තිදෙනෙකු එම නිවසේ සිට ඇති බව සඳහන්. තුවාල ලැබූ මව, පියා සහ 12 හැවිරිදි දැරියක රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

    ආශ්‍රීත පුවත්:  ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

    පස් සහ නිවසේ සුන්බුන් අතර සිරවී සිටි දරුවන් සොයා ගනු ලැබුවේ යුද හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරමින් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නේ.

    එම දරුවන් දෙදෙනා සොයා ගන්නා අවස්ථාව වන විටත් ඔවුන් දෙදෙනා මිය ගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

    මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය 02 ක් සහ විශේෂ දුම්රියක් අවලංගු කර තිබෙනවා.

    මේ අනුව ඊයේ රාත්‍රී කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය සහ ඊයේ රාත්‍රි 07 යි 30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ විශේෂ දුම්රිය අවලංගු කිරීමටයි දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබුණේ.

    කෙසේ වෙතත් මහනුවර බලා ධාවනය වන සියලු දුම්රිය ඊයේ පස්වරුවේ ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

    එමෙන්ම ඊයේ දිනයේ අවලංගු කෙරුණු සියලු දුම්රිය අද සිට යළි ධාවනයට එක්කිරීමට බලාපොරොත්තු වන බවද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

    whether
    පෙර පුව​තචීනයේ රන් පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් 18 ක් පතලේ සිර වෙයි
    ඊළඟ පුව​ත දෙමළ සන්ධානය නව ගමනකට සැරසෙයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group