කඩවත ගනේමුල්ල මාර්ගයේ අධිවේගී මාර්ගයට ආසන්න ලදු කැලෑවක තිබී පිළිස්සී ගිය නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.
ඊයේ රාත්‍රී 8.00 පමණ මෙම ස්ථානයේ ගින්නක් හටගෙන ඇති අතර ඒ මොහොතේ මෙම පුද්ගලයා එම ස්ථානයට ගෙනවිත් පුච්චන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ.
සිද්ධිය පිළිබඳ කඩවත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ.