පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් සමගින් මිනුවන්ගොඩ නිවාස සංකීර්ණයක සිටි ව්‍යාපාරිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත අද(01) දින සිදු කළ වැටලීමකදීයි.
සැකකරු සතුව තිබී එම ගිනි අවිය සහ උණ්ඩ 13ක් සහ පතරොම් ගැබක්ද සොයාගෙන තිබෙනවා.
සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම පිස්තෝලය ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනට භාවිත කරන නවතම ගිනි අවියක් බවයි.
ව්‍යාපාරිකයාගෙන් මේ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ මීට වසර දෙකකට උඩදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ හීනටිගල මහේෂ් විසින් සිදු කළ වෙඩි තැබීමක් සහ කප්පම් මුදල් ලබාගැනීම හේතුවෙන් සිය ආරක්ෂාව සඳහා මෙම පිස්තෝලය ලාබගත් බවයි.
ඒ අනුව මේ වන විට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් මෙම ගිනි අවිය ලක්ෂ තුන හමාරක මුදලක් දී තමන් ලබාගත් බවත් සැකකාර ව්‍යාපාරිකයා හෙළි කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා.













