ව්‍යසනකාරී විය හැකි බවට විස්තර කර ඇති ප්‍රබල සුළි කුණාටුවකට මුහුණ දීම සඳහා පිලිපීනයේ දහස් ගණනක් ජනතාව ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැයට කිලෝමීටර 230 (පැයට සැතපුම් 143) ක වේගයෙන් හමන සුළි කුණාටුවක් වන රාගසා, ජනාකීර්ණ උතුරු දූපත් හරහා ගොඩබිමට ඇතුළු වී දකුණු චීනය දෙසට බටහිරට ගමන් කරනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.
පිලිපීන කාලගුණ කාර්යාංශය පැවසුවේ රගසා කුණාටුව මීටර් 3 (අඩි 10) ඉක්මවන ජීවිතයට තර්ජනයක් වන කුණාටු රැල්ලක් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇති කරන බවයි.
මැනිලා අගනුවර ඇතුළු රටේ විශාල ප්‍රදේශවල පාසල් සහ රජයේ කාර්යාල වසා දමා ඇති අතර, පුළුල් ගංවතුර හා නායයෑම් සහ නිවාස හා යටිතල පහසුකම්වලට හානි සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
රාගසා කුණාටුව ගොඩබිමට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කර ඇති දුරස්ථ බටේන්ස් හෝ බබුයාන් දූපත්වල 20,000 ක් පමණ ජනතාව වාසය කරන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දරිද්‍රතාවයේ ජීවත් වෙන බව සඳහන්.