හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පිරිසක් විසින් ඊයේ:30) මෙම පරීක්ෂාව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට පසුවන්නේ රැඳවුම් භාරයේයි.
ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතාගේ පැහැරගෙන ගොස් ඇතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයන්ට අදාළවයි.