හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය ආශ්‍රීතව සිදු කරන පරීක්ෂා කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම පරීක්‍ෂණ සිදු කෙරෙනවා.
හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය පසුගියදා පරීක්ෂාවට ලක් කෙරුණා.
එහිදී එම කාර්යාලයේ තිබී වැදගත් ලිපිලේඛන තොගයක් සොයා ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
එසේම ජංගම දුරකතන කිහිපයක් සහ සැටලයිට් දුරකතනයක්ද සොයා බව පොලිසිය පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක වනවා.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරමින් සිටිනවා.