නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවක් 7 දෙනෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනා ක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් හත් දෙනා ඊයේ(23) අත්ඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40ත් 64ත් අතර වයස්වල පසුවන රත්මලාන, පන්නිපිටිය, ගල්නෑව, හෝකන්දර, පේරාදෙණිය හා කොළඹ 04 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශ කටයුතු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරනු ලබනවා.












