පිරමීඩ ජාවාරම කරන ලද කාන්තාවක් සහ ඇයගේ ස්වාමී පුරුෂයා පොලිසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අම්පාර පන්නල්ගම ගම්මානයේ එම ජාවාරම කරන ලද කාන්තාවක් සහ ඇයගේ සැමියා අම්පාර පොලිසියේ අපරාධ විමර්ශන අංශයට මෙලෙස භාරවී ඇති බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.