වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු යානා තුනක් සඳහා මසකට ඩොලර් ලක්ෂ 09ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී හෙලි වුණා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පිළිතුරු ලබාදුන් අවස්ථාවේදීයි.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රශ්න කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.