නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හළක් අසළ සුදු ඉර මත සිටි සුනඛයකු ජීප් රථයකින් යට කර දමා පලා යන අයුරු අසල වෙළෙඳ සැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා.
නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සේවකයන් විසින් සුරතලයට ඇති කරන සුනඛයෙකු බවත් නගරයට පැමිණෙන ඇතැම් පිරිස් සමග සෙල්ලම් කරමින් සිටින සුනඛයෙකු බවත් වාර්තා වනවා.
නුවරඑළිය ප්‍රදේශයේ පින්කමකට පිරිසක් පැමිණි ජීප් රථයකින් එම සුනඛයා යට කර දමා යන අයුරු අසළ සිටි සියලු දෙනාගේ සිත් කම්පා කරවන සිද්ධියක් වූ බවයි සිද්ධිය සියැසින් දුටුවන් පවසන්නේ.
අනතුරට පත් සුනඛයා මියගිය බවත් පසුව ඉන්ධන පිරවුම්හලේ සේවකයන් විසින් සුනඛයා වළ දමා ඇති බවත් විනය ගරුක රියදුරන් සුදු ඉරක් මතින් මාරුවන පදිකයන් හෝ සිව්පාවෙකු අනතුරට පත් නොකර රිය ධාවනය කිරීම වගකීමක් බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.













