පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය කළමනාකරණය කරමින් පවත්වාගෙන යාම සඳහා ජපන් ආයෝජකයෙකු සහ නාගරික සංවර්ධන අධිකාරිය ඊයේ ගිවිසුමකට අත්සන් තැබුවා.
ඒ අනුව ජපන් නගරය සහ පාවෙන වෙළෙඳපොළ නමින් පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය සංවර්ධනය කෙරෙන්නේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේයි.
වෙළෙඳ කුටි 92කින් සමන්විත මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ජපන් ආයෝජකයාට වසර 30කට බදු දෙන අතර, ඊයේ දිනයේ සිට මාස 6ක් තුළ එය සංවර්ධනය කිරීමට නියමිතව තිබෙනවා.
රුපියල් මිලියන 352ක වියදමකින් ඉදිකළ පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරුණේ, 2014 වසරේ අගෝස්තු 25 වැනිදායි.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










