පසුගියදා බොට්ස්වානාහි ගැබරෝන්හි පැවති 21 වන ජාත්‍යන්තර මැතිවරණ සම්මාන උලෙළේදී පසුගිය වසරේ ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාව වෂයෙන් සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අගය කිරීම හා එළඹෙන නොවැම්බර් 13 වන දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම දිවියට පාතබන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් වන උත්සවයක් අද (10) පවත්වා තිබුනා.
පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කොට තිබූ එම උත්සවය සඳහා සභානායක, අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ඇතුලු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්ද, මැතිවරණ මැතිවරණ කොමිෂන් සභාවන් නියෝජනය කල හිටපු කොමසාරිස්වරුන්ද දිස්ත්‍රික් මැතිවරණ සහකාර හා නියෝජ්‍ය කොමසාරිස්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති අතර මැතිවරණ කොමිෂන් සභාව අගය කරමින් හිටපු සභාපතිවරුන් වන මහින්ද දේශප්‍රිය, නීතීඥ නිමල් පුංචිහේවා හා වත්මන් කොමිෂන් සභා සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක යන මහත්වරුන්ට එහිදී සම්මාන පිරිනමා තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් සම්මානයක් පිරිනැමීද සිදුවූ අතර අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්වරුන් විසින් එම සම්මානය පිරිනමනු ලැබුවා.













