නයිජීරියාවේ පාසලකින් පැහැරගත් පාසල් ළමුන් 300කට ආසන්න පිරිසක් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එරට කඩුනා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් විදෙස් මාද්‍ය මේ බව වාර්තා කර ඇත.
එහිදී ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දරුවන් පිරිස නිරුපද්‍රිතව නැවත පැමිණ ඇති බවය.
දරුවන් බේරාගැනීම සඳහා අඛණ්ඩව වෙහෙස වී කටයුතු සිදුකළ එරට ජනාධිපති බෝලා ටිනුබු වෙත ද ආණ්ඩුකාරවරයා X පණිවුඩයක් නිකුත් කරමින් ස්තූතිය පුදකර ඇත.