මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් දීප ව්‍යප්තව සිදු කෙරෙන වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ඒ යටතේ ඊයේ දිනයේ සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 485 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව අප්‍රේල් 13 වන දා සිට අඛණ්ඩව වැටලීම් සිදු කෙරෙන අතර ඊයේ දිනයේදී සිදු කළ වැටලීම් 485කදී සැකකරුවන් 485 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
හෙරොයින් 241g ක් ,අයිස් මත්ද්‍රව්‍ය 590g ක් , ගංජා 807g ක් , මත්පෙති 1324 ක් ද ඔවුන් ළඟ තිබී සොයා ගැනුණා.
අයිස් හෙරොයින් සහ මත් කරල් තොගයක් සමග කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ හෝටලයකදී පොලීසිය අත්අඩංගුවට ගත්තා.
පොලීසිය විසින් මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ එක් සැකකරුවකු හෝටලයේ දෙවන මහලින් බිමට පැන ඇති අතර ඔහු මේ වන විට අම්පාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.