පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත්, පැපොල රෝගය වැළඳුනු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිඟයක් රජයේ රෝහල්වල නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා
ඔහු මේ බව කියා සිටියේ පසුගිය දිනවල පැපොල රෝගයට ලබාදෙන ඖෂධ හිගයක් සම්බන්ධයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණු ප්‍රවෘත්ති නිවැරදි කිරීම වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්
පැපොල රෝගයට වූ එන්නත්කරණයක් රජයේ රෝහල් පද්ධතියෙන් මේ වන තෙක් සිදු නොකෙරුණු බවත්, ඒ සදහා එවැනි අවශ්‍යතාවයක් මතු නොවුනු බවයි නියොජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ
මෙය රටේ ඖෂධ හිගයක් පවතින බව පෙන්වීමට දරණ ලද උත්සහයක් බවත්, මෙතෙක් රජයේ රෝහල්වල නොතිබුණ ඖෂධක් යොදාගනෙ එහි ක්ෂණික හිගයක් ඇති වූ බව පෙන්වීමට දරණ උත්සහයක් බව ද නියොජ්‍ය අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙරට ජනතාවට ලබා දිය යුතු ඖෂධ කිසිඳු හිගයකින් තොර ව අඛණ්ඩ ව ලබා දීමට රජය කටයුතු කරන බවත් ඊට අදාළ ඖෂධ තොග මේ වන විට රට තුළ පවතින බවයි