සක්‍රීය සේවයේ යෙදී සිටියදී නිවාඩු ලබා සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සෙබළුන් 3504ක් ඉකුත් පෙබරවාරි 22 වැනිදා සිට මේ දක්වා මාස 4ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඒ අනුව යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් 2937 ක්, නාවික හමුදාවෙන් පලාගිය සෙබළුන් 289ක් සහ ගුවන් හමුදාවෙන් පලාගිය සෙබළුන් 278 ක් අත්අඩංගුවට ගැනීමටයි සමත්ව ඇත්තේ.
ත්‍රිවිධ හමුදාවලින් පලාගිය සෙබළුන්ට එම හමුදාවලට බාරවීම සදහා ඉකුත් වසරේ මැයි මස අග දක්වා පොදු සමාකාලයක් ද ලබාදී තිබුණා.
කෙසේ වෙතත් මෑත කාලීනව සිදුවන අපරාධ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සෙබළුන් සම්බන්ධවී ඇති බවට විමර්ශනවලදී අනාවරණයවීම හේතුවෙන් යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදා සහ පොලිසිය එම පලාගිය සෙබළුන් සම්බන්ධයෙන් වැටලීම් කර අත්අඩංගුවට ගෙන ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කලේ .