නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් යාඥා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට යාමේදී පසුගිය වසරේ නොවැම්බර් මස ගම්වාසීන් සහ එම කණ්ඩායම අතර කලහකාරී තත්ත්වයක් ඇති වූවා.
අද(06) උදෑසන ප්‍රශ්නගත යාඥා මධ්‍යස්ථානයේ ඉදිකිරීමට ප්‍රථම ඉඩමට ආරක්ෂිත බැම්මක් සහ ගේට්ටුවක් ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති, ගල් සහ කළුගල් රැගෙන යන අවස්ථාවේදී නාවලපිටිය මීපිටිය අශෝකාරාම විහාරාධිපති කරඳගොඩල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ එම ඉදිකිරීම් කටයුතු නතර කිරීමට පියවර ගැනුණා.
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සබාවේ සභාපති සහ ලේකම් දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රශ්නගත ඉඩම වෙත පැමිණි කරඳගොල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් නාවලපිටිය පොලිසියේ සහයද ඇතිව කොන්ත්‍රාත් පදනම මත එහි සේවය යොදවා සිටි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු සහ කම්කරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා.
නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ ලේකම් සහ තාක්ෂණික නිලධාරිතුමන්ද අදාළ ප්‍රශ්නගත ඉඩමට කැඳවා මෙම ඉඩම තුළ රාජ්‍ය නිලධාරීන්ට සැබෑ තතු නොපවසවා ආගමික ස්ථානයක් ඇති කිරීමේ සූදානමක් පවතින හෙයින් මෙහි ඉදිකිරීම්වලට අවසරදීමට පෙර හොඳින් විමර්ශන කරන ලෙසත් එසේ නොවුණහොත් ප්‍රදේශවාසීන් සහ ඉදිකිරීම් කටයුතු කරනු ලබන පාර්ශ්වයන් අතර ගැටුමක් දක්වා තත්ත්වය වර්ධනය විය හැකි බවත් කරඳගොල්ලේ පියරත්න හිමියන් නාවලපිටිය පොලිසිය හමුවේ අවධාරණය කර සිටිනවා.