පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.
සභාවේ මුලික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පෙරවරු 11.00 දක්වා කාලය වෙන් කර තිබුනේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි.
ඉන් අනතරුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සිදු කෙරුනා .
ඒ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක, ලකී ජයවර්ධන සහ මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් වෙනුවෙන් මෙලෙස ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි මන්ත්‍රීවරුන් කටයුතු කලේ.
මේ අතර පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාධාරණව ඉටු වන්නේද යන්න පිලිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගෙන් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අවස්ථාවේදී විමසා සිටියා .
එහිදී අග්‍රාමාත්‍යවරිය සදහන් කලේ සිදුකරන විමර්ශන වලින් අනතුරුව පාස්කු වින්දිතයින් සදහා සාධාරණයක් ඉටු කිරීමට සිය ආණ්ඩුව අනිවාර්යෙන් කටයුතු කරන බවයි.