පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
ඇය පවසන්නේ තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබිය යුතු බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.