පාසල් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පාසල් ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ජාතික ළමාරක්ෂක අධිකාරිය ආරම්භ කර තිබේ.
‘‘ළමා ආරක්ෂාව පිළිබඳ නිත්‍ය තානාපති වැඩසටහන’’ නමින් හැඳින්වෙන මෙම වැඩසටහන යටතේ සෑම පාසලකම ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පුහුණු කිරීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.