බස් රථ රියදුරෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේදී පාසල් සිසුන් රැගෙන ගිය බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 26, 27 සහ සැකකාරිය අවුරුදු 38 වයස්වල පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
සැකකරුවන් ඊයේ(26) දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකාරිය ඇපමත මුදාහැර ඇති අතර සැකකරුවන් තිදෙනා 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.