පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ රජයේ පාසල් නැවත ආරම්භ කරන ක්‍රමවේදයට අදාළ චක්‍රලේඛය අද දිනයේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පවසනවා.
ඒ යටතේ, පළාත් මට්ටමින් පාසල් ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බවත්, ලබන 16 වැනිදා පාසල් ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් සියල්ලම ලබන ජනවාරි මාසයේදී පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කර සිටියා.











