දකුණු කොරියාව රට පුරා පාසල් පන්ති කාමරවල ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කලේ පාසල් වේලාව තුළ පන්ති කාමර වල ජංගම දුරකථන සහ ස්මාර්ට් උපාංග භාවිතය තහනම් කිරීමේ පනතක් දකුණු කොරියාව සම්මත කර ඇති බවයි.
මේ අනුව ළමයින් සහ නව යොවුන් වියේ පසුවන්නන් අතර දුරකථන භාවිතය සීමා කරන නවතම රට බවට දකුණු කොරියාව පත්ව තිබෙනවා.
ලබන වසරේ මාර්තු මාසයේ සිට මෙම නීතිය ක්‍රියාත්මක වනු ඇති.
එරට නීති සම්පාදකයින්, දෙමාපියන් මෙන්ම ගුරුවරුන් පවසන්නේ දරුවන් ඉගෙනීමට ගත යුතු කාලය ජංගම දුරකථන භාවිතයට යොදා ගන්නා බවයි.