බලංගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බලංගොඩ පොලිසිය කියා සිටියේ අද(12) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.
එසේම තුවාල ලැබූ තවත් පාසල් සිසුන් 16 දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.
පැවැති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස ගසක අත්තක් කඩා වැටී ඇත්තේ බලංගොඩ රජවක මහ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතටයි.
ඒ අනුව එම විද්‍යාලයේ උසස් පෙළ සිසුන්ගේ පන්තියකට මෙම ගස කඩා වැටී තිබෙනවා.
ඒ වන විට පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙමින් පැවැති බවත් පන්ති කාමරය තුළ සිසුන් 16කට අධික පිරිසක් සිට ඇති බවත් වාර්තා වනවා.
අනතුරෙන් තුවාල ලැබූ සිසුන් රෝහල් ගත කර ඇති අතර එක් සිසුවෙකු අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
පසුව වාර්තා වූයේ බරපතල තත්ත්වයේ පසු වූ සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.