සහල් සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් පාලන මිලටම වෙළෙඳපොළේ සහල් අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ එසේ සිදු නොකළහොත් නීතිමය පියවර ගන්නා බවයි.
මේ අතර ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි සහල් අර්බුදය සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් සිය අස්වැන්නෙන් කොටසක් හෝ රජයට ලබාදීමට ඇතැම් ගොවි සංවිධාන තීරණය කර තිබෙනවා.
මහ කන්නයේ අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරුවලින් සියයට 35 ත් 40 ත් අතර ප්‍රමාණයක් මේ වන විට නෙලා අවසන් කර ඇති අතර ගොවීන් පවසන්නේ රජයේ සහතික මිලට වී අලෙවි කිරීමට නොහැකි බවයි.