පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය ආහාර වේල් සඳහා අද සිට රුපියල් 2000 ක් ගෙවිය යුතු වනවා.
පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව ගත් තීරණයකට අනුව රුපියල් 450 ක්ව පැවති අදාළ ගාස්තුව පසුගිය දා වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.
යෝජනාව ඉදිරිපත් වූයේ ආණ්ඩු පක්ෂයෙන්.
ඒ අනුව උදෑසන ආහාර වේල රුපියල් 600කටත්, දහවල් ආහාර වේල රුපියල් 1200 කටත්, සවස තේ රුපියල් 200 කටත් ලබාදිය යුතු බවට තීරණය කෙරුණා.