ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතාගේ වාහනයේ යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් ගත් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ වෙන්නපුව ප්‍රදේශයේදීයි.
මන්ත්‍රීවරයා අද දිනයේ පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට පැමිණෙමින් සිටියදියි මෙම අනතුර සිදුව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රථය පැදවූ මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රීවරයාගේ ඥාති සහෝදරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.