
ජූලි මාසය සදහා පළමුවැනි පාර්ලිමේන්තු රැස්වීම් සතිය අදින් ආරම්භ වනවා.
අද සිට ලබන 10 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ.
අද දිනයේ දී දූෂණ විරෝධී පනතේ ඇති නියෝග සහ පුරාවස්තු ආඥා පනත යටතේ ඇති නියෝග විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබෙනවා.














