පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව පස්වරු 05 සිට පස්වරු 05.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න විමසීම සදහා වෙන් කර තිබෙනවා.