අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරනවා
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය සතියේ දී රෝහල්ගත කෙරුණේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන්
පසුව උන්වහන්සේගේ පෙනහැළි දෙකේම නියෝමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත අවදානම් මට්ටමක නොපවතින බව මීට දිනකට පමණ පෙරාතුව උන්වහන්සේගේ වෛද්‍ය කණ්ඩායම නිවේදනය කළත් මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කලා
ඒ ඊයේ දිනයේ දී දැරුණු ඇඳුම රෝගී තත්ත්වයකින් උන්වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය උත්සන්න වීමත් සමගයි
පාප්වහන්සේගේ ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහත යාමත් සමග උන්වහන්සේට රුධිරය ලබා දීමටත් සිදුව තිබුනා.
එමෙන්ම ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් වෛද්‍යවරුන් පියවර ගත් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
එමෙන්ම නියුමෝනියා රෝගී තත්ත්වය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර ද තවදුරටත් ක්‍රියාත්මක යි.