පානදුර බස් නැවතුම අසලදී අද අළුයම 4.00ට පමණ බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර හේතුවෙන් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පානදුර දකුණ පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් පොලිසිය සැකපල කරන්නේ බස් රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.