පාදුක්ක ප්‍රදේශයේ ඡන්ද දායකයින් පිරිසක් තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මුදල් යැවීමේ වැඩසටහනක් පවත්වනු ලැබුවා.
ඒ පාදුක්ක තැපැල් කාර්යාලයේදීය.
පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා.
මෙහිදි පාදුක්ක ප්‍රදේශයේ ඡන්ද දායකයින් පිරිසක් තැපැල් කාර්යාලය වෙත පැමිණ රුපියල් 100යේ සිට රුපියල් 500 දක්වා මුදල් ඇණවුම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නමට යොමු කරනු ලැබුවා.