මෙරට පාතාලයත් කුඩුත් දූෂිත දේශපාලනයත් අවසන් අදියරේ සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඒබ ව කියා සිටියේ නුවරඑළිය නගර සභා ශාලාවේ අද(26) පැවැති ලංකා වතු සේවා සංගමයේ රැස්වීමකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙලෙස කියා සිටියා.
“රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් ඇත්තටම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් අපිට පේන්නන්න පුළුවන්කමක් නෑ. ජාතික ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා.
මේ රටේ ජාතිවාදි ආගම්වාදී ගැටුම් දැන් නෑ. අනෙකුත් ගැටුම් නෑ. නමුත් පාතාලය පාතාලය අතර ගැටුම් තියෙනවා.
මොකද මේ පාතාලය එක දවසින් දෙකෙන් බිහි වෙච්චි එකක් නෙවෙයි.
කාලාන්තරයක් තිස්සේ දේශපාලනඥයන් විසින් පෝෂණය කරලා ඇති කරපු පාතාලයක් තියෙනවා.
දැන් ඒ පාතාලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනකොට පාතාලය පාතාලය අතර ගැටුම් උග්‍ර වෙලා තියෙනවා.
අනිත් එක පාතාලයත් එක්ක සම්බන්ධ නිවුන් සහෝදරයෙක් වගේ ඉන්නවා මේ රටේ විෂ මත්ද්‍රව්‍ය අනිත් එක පාතාලේ තව සහෝදරයෙක් තමයි පැවතුණු දූෂිත දේශාපලනය.
ඒ දේශපාලනයට තැනක් නැතිවෙනකොට, ඒ දේශපාලනය සම්බන්ධයෙන් වංචා දූෂණ ක්‍රියාත්මක වෙනකොට, කුඩු මර්ධනය වෙනකොට පාතාලයේ පැවැත්මත් දුර්වල වෙනවා.
එතකොට ඒ කට්ටිය කියන දේවල් බෙදාහදාගන්න සටනක නිරත වෙන ආකාරයක් අපට පේනවා.
ඉතින් ඒ වගේ වෙනකොට තමයි මේ සිදුවීම් වෙන්නේ.
කොහොම වෙතත් අපිට කියන්න වෙන්නේ පාතාලයත් කුඩුත් අවසන් ගමනේ යමින් තිබෙන බව කියන්න වෙනවා.
දූෂීත දේශපාලනයේ නිවුන් සහෝදරයෝ දෙපලත් අවසන් අදියරේ ඉන්නවා කියන්න කියන්න වෙනවා. ”
“වතුකරයේ ජනතාවට ඉදිරියේදී නායකත්වයදීමට ඇති එකම වෘත්තීය සමිතිය ජාතික ජන බලවේගය පමණයි.
වෙන කිසිදු වෘත්තීය සමිතියක් නායකත්වය දෙන්න අද වතුකරයේ ඉතිරිවෙලා නෑ.
අපි වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 1700 වැටුපමේ වසර අවසන් වීමට ප්‍රථම ලබාදෙන්න උත්සාහ කරනවා. අපි බලන්නේ 1700ට අඩුවෙන් නෙවෙයි 1700ට වැඩියෙන් ලබාදෙන්න.”













