පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග 8, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඉන්දු – පකිස්ථාන ගැටුම් උත්සන්න වීමත් සමගයි.
ඊයේ කරච්චි කින්ග්ස් සහ පේෂාවර් සල්මි කණ්ඩායම් අතර තරගය ද කල් දැමීමට පකිස්ථාන ක්‍රීකට් පාලක මණ්ඩලයට සිදු වුණා.
ඒ, තරගය පැවැත්වීමට නියමිතව තිබූ රාවල්පින්ඩි ක්‍රීඩා සංකීර්ණය තුළට ඩ්‍රෝන යානාවක් කඩා වැටීම හේතුවෙන්.